"විචෙය්‍ය දානං දාතබ්බං යත්‍ථ දින්නං මහප්ඵලං, විචෙය්‍ය දානං දත්‍වාන සග්ගං ගච්ඡන්ති දායකා."
— ඛුද්දක නිකාය.
යම්තැනකට දෙන දානය මහත්ඵල වේ නම් එබඳු පින්කෙතට නුවණින් විමසා දියයුතු ය. දායකයෝ නුවණින් පිරික්සා දන් දී සුගතියට යති.
ගෝතම සම්බුද්ධ විහාරයයේ වැඩ වාසය කරන ගෞරවණීය මහා සංඝරත්නයට සුවසේ වැඩවාසය කිරීම පිණිස ශාසන ක්‍රමය අනුව සේනාසනයේ දෛනික දාන කටයුතු භාරගැනීමට කැමැති සැදැහැවත් දායක දායිකාවන් පින්වතුන්ට මෙහි දක්වා ඇති ආකාරයට ඒ අදාළ තොරතුරු සටහන් කොට දානය භාරගැනීම සහ අනෙකුත් අවශ්‍ය කටයුතු සම්පාදන කටයුතු පහසුවෙන් කළ හැකි වනු ඇත. භාරගත් දානයන්හි දින වෙනස් කරගැනීම් ආදියක දී දක්වා ඇති අදාළ අංකය අමතන්න.
දායක පිරිසගේ සිව්පස දායකත්වයත් භික්ෂූන් වහන්සේගේ ධර්ම දානයමය සහ ශාසනික වශයෙන් නියමිත කටයුත්තේ නියුතු වීමෙන් සසුන් දියුණුවත්, අප සැමගේ අධ්‍යාත්මික දියුණුවත් සලසා ගැනීමට හැකි වන බව සසුන් දියුණුව කැමති අප සැවොම සිත තබා ගනිමු.